ඔක්සිජන් නිපදවිය හැකි වුවත් - රෝහල්වල ඔක්සිජන් ටැංකි නෑ- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක් | LANKA COVID HOT NEWS - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 30, 2021

ඔක්සිජන් නිපදවිය හැකි වුවත් - රෝහල්වල ඔක්සිජන් ටැංකි නෑ- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක් | LANKA COVID HOT NEWS

රෝහල්වල ඔක්සිජන් ටැංකි නෑ
ඔක්සිජන් ගබඩා කරන්නට පුළුවන් ටැංකි තිබෙන්නේ 28 ක්යි

පවතින කොරෝනාවෛරස රෝග තත්ත්වයට මුහුණ දීම සඳහා සාධාරණ මාර්ග තිබෙන බව නොපෙනෙන අතර ඉන්දියාවෙන් පාඩමක් ඉගෙන ගන්නා වේගය ගැන සෑහීමකට පත්විය නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

නියත ප්‍රතිකාර නොමැති කොවිඩ් රෝගය සුව වන තුරු රෝගීන් ජීවත්ව තබා ගැනීමට අවශ්‍ය ඔක්සිජන්වල අවශ්‍යතාව පෙන්වා දෙමින් සුවිශේෂී කරුණු කිහිපයක් ඔවුහු පෙන්වා දෙති.

"අප දන්නා පරිදි සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඔක්සිජන් ලබා දෙන සමාගම් දෙකක් තිබෙනවා. ඒවාට දෛනිකව ඔක්සිජන් ටොන් 75ක් නොහොත් ද්‍රවීය ඔක්සිජන් ලීටර හැත්තෑ පන්දාහක් නිපදවීමට හැකියි. එක ද්‍රවීය ලීටරයකින් වායු ලීටර් 75ක් හදන්න පුලුවන්. එම ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දැනට පාවිච්චි කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් පිට කර්මාන්තවලටයි. මේ සියලු ඔක්සිජන් සෞඛ්‍ය සඳහා යොදවන්නට පුළුවන්."

ඒ අනුව, ඔක්සිජන් සැපයීමේ සහ නිපදවීමේ ප්‍රශ්නයක් දැනට නැතැයි සිතන්න පුළුවන් යැයි එම සංගමය පවසයි.

"එහෙත් මෙම ඔක්සිජන් රෝගියාගේ ඇඳ ළඟට ගෙනියන්න අවශ්‍යයි. ලංකාවේ විශාල වශයෙන් ඔක්සිජන් ගබඩා කරන්නට පුළුවන් ටැංකි තිබෙන්නේ 28 ක් පමණයි. එම ටැංකිවල ප්‍රමාණය ද්‍රවීය ලීටර 3000 සිට 20,000 දක්වා වුණත් 20,000 ටැංකි තිබෙන්නේ කොළඹ මහ රෝහලේ සහ පේරාදෙණිය රෝහලේ. මෙම රෝහල් දෙකේ ම වෙනත් රෝගීන් ගණනාවක් සිටින නිසා ඒවා වෙත කොවිඩ් රෝගීන් ගෙන යාම භයානකයි. අනිත් ටැංකිවලින් වැඩි හරියක් තිබෙන්නේත් වෙනත් රෝගීන් ඉන්න කොවිඩ් සඳහා වෙන් නොවුණු රෝහල්වලයි."

"ඔක්සිජන් ප්‍රවාහනය තවත් ප්‍රශ්නයක්. ඔක්සිජන් අරගෙන කොළඹ හදන කොම්පැනියක සිලින්ඩර් දුර පළාත්වලට ගෙනියන්න වුණොතින් ඒකට විශාල කාලයක් වැය වෙනවා. සමහර වෙලාවට අවශ්‍ය කරන ලෙඩ්ඩුන්ට ඔක්සිජන් නිපදවන තැන්වලට කිට්ටුව තියන්න වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම දේවල් අපිට ඉන්දියාවෙන් ඉගෙන ගන්න පුළුවන්."


එම සංගමය පවසන්නේ, මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමේදී රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වඩා තැන දිය යුත්තේ, රෝගය පැතිරීම වැළැක්වීමට බවයි.

"ඔක්සිජන් නිපදවන ස්ථානයේ සිට ඒවා ගබඩා කරලා ප්‍රවාහනය කරලා සිලින්ඩරවලට දමලා රෝගියාගේ ඇද ළඟඟට ගෙන යාම සංකීර්ණ ක්‍රමානුකූල සහ බුද්ධිමත් ලෙස කළ යුතු කාර්යයක්. ඒ සඳහා අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන්, තාක්ෂණික දැනුම තියෙන අය දේශපාලන භේදයකින් තොරව යොදාගත යුතුයි. මිතුරන් පමණක් යොදාගෙන මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් වෙන්නේ නෑ. අප මෙය හරියට සැලසුම් කළේ නැත්නම් අප කළා වෙන්නේ 'අසමත් වීමට සැලසුම් කිරීමයි."

මෙම අවස්ථාවේදී තමන්ගේ වැඩ කොටස උපරිමයෙන් කරමින් වාද විවාදවලින් තොරව කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවයේ සියලු ම කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටියි.

එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ, "රට ලොක් ඩවුන් කරන්නට අවශය නම් ඒ තීරණය පවා හරි වෙලාවට ගැනීම වැදගත්. ඒ කිසිසේත් ම කරන් නෑ කියන දැඩි මතය හොඳ ම දේ නොවෙන්න පුළුවන්," බවයි. GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad