අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි…. ගෑවුනොත් සිහි නැති වෙයි… (photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි…. ගෑවුනොත් සිහි නැති වෙයි… (photos)

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි සේවක මහතෙකු අපට පවසා සිටියේය.
අදාල සේවක මහතා පොල් ගස් නිරික්ෂණය කරමින් සිටියදී මෙම දළඹුවා දක්නට ලැබී ඇති බව කියයි.

දිගින් අඟල් 8-10ත් අතර, ප්‍රමාණයකින් යුක්ත වුවද ශරීරය හැකීලීමේ හා දිගහැරීමේ හැකියාවක් දළඹුවා තුළ දැක ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

ශරීරය පුරාව දිගට වැඩුන කෙදි ආකාරයේ විශේෂිතවූ ලොම් වලින් ගහන වූ මෙම දළඹුවාගේ මතුපිට සම පොළගෙකුගේ සිරුරට සමාන බවක් දක්නට ලැබෙන බවත්, හිස පෙදෙස තද වර්ණයෙන් යුත් දම් පැහැයක් ගන්නා අතර, බඩ පෙදෙස තද කළු සහ දුඹුරු මිශ්‍ර වර්ණයෙන් යුක්තව ඇති අතර, සමාන්තරව ඝනට වැඩුන පාද දක්නට ලැබේ.

ජනවහරේ පැවසෙන පරිදි වැඩිහිටියන් මෙම දළඹුවා පොළොන් දළඹුවා ලෙස හඳුන්වනු ලබන අතර, අධික විෂ සහිත වූ මෙම දළඹු විශේෂය මිනිස් සිරුරක ස්පර්ෂ වූවවොත් ක්ලාන්තය හෝ සිහිමුර්ජාවට ලක්වන බව කියයි.

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන








No comments:

Post a Comment

Post Bottom Ad