විවාහක රූ රැජින පුෂ්පිකාට ඩිෆෙන්ඩර් පිරිවරාගත් ඇමති ආරක්‍ෂකයන් - ආරක්ෂාව සපයන අදිසි දේශපාලන හස්තය කුමක්ද? | pushpika de silva's latest gossip story - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 14, 2021

විවාහක රූ රැජින පුෂ්පිකාට ඩිෆෙන්ඩර් පිරිවරාගත් ඇමති ආරක්‍ෂකයන් - ආරක්ෂාව සපයන අදිසි දේශපාලන හස්තය කුමක්ද? | pushpika de silva's latest gossip story


විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා පසුගියදා කුරුඳුවත්ත පොලීසියට පැමිණියේ ඩිෆෙන්ඩර් රථ සහ ආරක්ෂකයන් පිරිවරා ගෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඇය එසේ පැමිණියේ දේශපාලන හයිය නිසා බවත් ඇය පසුපස දේශපාලනයක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පුෂ්පිකා ද සිල්වා කටයුතු කරන්නේ පොළොන්නරුවෙන් දේශපාලනය කිරීමේ අරමුණ ඇතිව බවද පවසන ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇය වේදිකාවට ගොඩ වූ බවද පැවසීය.

අද මෙරට කාන්තාවන් ලෝකයේ ප්‍රසිද්ධ වන්නේ ඔටුනු ගැලවීම වැනි කාරණා නිසා බවද පැවසූ ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ කාන්තාවන් ප්‍රසිද්ධ වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලෝකයේ පළමු අගමැතිනිය වීම නිසා යැයිද කියා සිටියේය.

ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad