බන්දුල ගුණවර්ධනව අත්අඩංගුවට ගත යුතුයි...ජේලර්වරු ඊසි කෑෂ් වලින් මුදල් ගන්නවා - අසේල සම්පත් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

බන්දුල ගුණවර්ධනව අත්අඩංගුවට ගත යුතුයි...ජේලර්වරු ඊසි කෑෂ් වලින් මුදල් ගන්නවා - අසේල සම්පත් කියයි

තමාව අත්අඩංගුවට ගනු ලැබුවේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සැලසුමකට අනුව බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. පිළිකා පොල්තෙල් වෙළඳපොලෙන් හමුවීම සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව අත්අඩංගුවට ගත යුතු බවද ඔහු සඳහන් කරයි.

තමාට මරණ තර්ජන තිබෙන බැවින් ආරක්ෂාව ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියි.

සිරගෙදරදී තමාට දරුණු වධ හිංසා කළ බවත් ජේලර්වරු මත්ද්‍රව්‍ය සැකකරුවන්ගෙන් ඊසි කෑෂ් ලෙස මුදල් ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අසේල සම්පත් මහතා මෙම අදහස් පළ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිණි.

No comments:

Post a Comment

Post Bottom Ad