ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව හා සමානයි… මහා ව්‍යවසනයක් ඉදිරියේ..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී රටටම දැනුම් දේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

ශ්‍රී ලංකාවේ තත්වය ඉන්දියාව හා සමානයි… මහා ව්‍යවසනයක් ඉදිරියේ..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී රටටම දැනුම් දේ…

අද වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වන ආකාරය යම්කිසි ආකාරයට ඉන්දියාවට සමකළ හැකි මට්ටමක් යයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ද දැන් ඉන්දියාවේ කොරෝනා ව්‍යවසනයේ තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා කියා සිටියි.

යම්කිසි ආකාරයකින් ඉන්දියාවේ මෙන් අතිවිශාල මට්ටමින් රෝගීන් වාර්තා වීමට පටන් ගතහොත් ඉන්දියාවේ තත්වය ඇති වීමේ ඉහළ අවදානමක් ඇතැයි ද පැවසූ ඔහු එම අවදානම වැළැක්වීම ජනතා සහාය ඉතා අවශ්‍ය බවද පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ වසංගත රෝග විද්‍යා අංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad