‘පොහොට්ටුවේ හවුල්කාර පක්ෂවල සහාය ගම්මන්පිලට…!’- අමාත්‍ය වාසුදේව නානායක්කාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

‘පොහොට්ටුවේ හවුල්කාර පක්ෂවල සහාය ගම්මන්පිලට…!’- අමාත්‍ය වාසුදේව නානායක්කාර

පිවිතුරු හෙළ උරුමයේ නායක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සන්ධානගතව සිටින සියළුම හවුල්කාර පක්ෂ මේ මොහොතේ සහාය ලබා දීමට තීරණය කර ඇති බව, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් – එහි වගකීම භාරගෙන අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට යෝජනා කරමින් පොහොට්ටු පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා පොහොට්ටු සන්ධානයට අයත නායකයන් ඊයේ දිනයේ දි විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේ රැුස් වී ඇති අතර – එහිදී උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටීමට එම පක්ෂ නායකයන් තිරණය කර තිබේ.

දිවයින පුවත්පත ඇසුරෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad