වාහන ගෙන්වන්නේ ගිය ආණ්ඩුවෙන් ගත්තු ක්‍රෙඩිට් ලයින් එකකින්..රටට පාඩුවක් නෑ..! – ඇමති ලොහාන් (Vidoe) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

වාහන ගෙන්වන්නේ ගිය ආණ්ඩුවෙන් ගත්තු ක්‍රෙඩිට් ලයින් එකකින්..රටට පාඩුවක් නෑ..! – ඇමති ලොහාන් (Vidoe)

මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සදහා ආනයනය කිරීමට නියමිත වාහන මෙරටට ගෙන ඒමෙන් රටට පාඩුවක් නොවන බවත්, රටට ලැබෙන ණය පහසුකමක් හරහා මෙම වාහන රැගෙන එන බවත් අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මාධ්‍ය වෙත පැවසීය.

“මේක වැරදි වැටහීමක්. මේක ක්‍රෙඩිට් ලයින් එකක්. මේක අපි නෙමෙයි ගිය ආණ්ඩුවෙන් ගත්ත ක්‍රෙඩිට් ලයින් එකක්. අපි ඒ ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කලේ නැත්නම් ඒක අපතේ යනවා. අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒකෙන් අපේ ආණ්ඩුවට ණය බරක් එන්නේ නෑ. සිංහලෙන් කියනවනම් අපි ඒ ණය අපතේ නොහැර වාහන ගෙන්වන එක සුදුසුයි කියන එකයි මගේ අදහස” යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් පළකර ඇත.

මෙම වාහන ගෙන්වීමට රුපියල් බිලියන 3.7ක මුදලක් වැය වන බවට ගණන් බලා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad