බැසිල් හිටියා නම් තෙල් මිල මෙහෙම වැඩිවෙන්නේ නෑ - නිමල් ලාන්සා (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

බැසිල් හිටියා නම් තෙල් මිල මෙහෙම වැඩිවෙන්නේ නෑ - නිමල් ලාන්සා (video)

බැසිල් රාජපක්ෂ මහතා සිටියේ නම් ඉන්ධන මිල මේ ආකාරයෙන් ඉහළ දැමීමට ඉඩ නොදෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

එනිසා ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම ජනාධිපති අගමැති ඇතුළු කමිටුවද මේ සඳහා අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඒ මහතා කියා සිටී.

එසේ නොවුණහොත් සංචරණ සීමා අවසන් වූ පසු ජනතාව ආණ්ඩුවට විරුද්ධ වූ උද්ඝෝෂණය කරනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad