පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ X-Press Pearl නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශන අනුව කපිතාන්වරයා අත්අඩංගුවට ගත් බවය.
ඒ අනුව, රුසියානු ජාතික කපිතාන්වරයා අද (ජූනි 14) කොළඹ අංක 1 මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහ මුහුදේදී සිදුව වන සිදුවීම් සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ අනන්‍ය අධිකරණ බලය කොළඹ මහාධිකරණය වෙත පැවරී ඇති බැවින් සැකකරු එම අධිකරණය වෙත ඉදිරිපත් කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වනු ලබයි.


No comments:
Post a Comment