රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

රජයේ ලොක්කන් 1000කට නව වාහන ආනයන බලපත‍්‍ර

රජයේ ඉහළ නිලධාරීන් දහසක් දෙනා සඳහා නව වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබේ.

මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර සඳහා ය. කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ එසේ බලපත්‍ර නිකුත්කරන ලද වුවද නව වාහන ආනයනය සඳහා අත්ටුවීමට රජය ගෙන ඇති තීරණය කිසිදු වෙනසක් නැති බවයි.

එම වාහන බලපත්‍ර හිමි වූ පුද්ගලයන් කිසිවෙකුට රජයේ තීරණය ක‍්‍රියාත්මක වන තුරු වාහන ආනයනය කිරීමට කිසිදු හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

මෙම වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2020 වසර මුල් කාලයේදී පෙර සැලසුම් කර තිබූ ආකාරයට මිස රජයේ වාහන ආනයන අත්හිටුවීමට ගන්නා ලද තීරණයෙන් පසුව නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad