ළමා මෙහෙකරුවන් සොයා කොළඹ මහමන්දිර ඇතුළේ මහා මෙහෙයුමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

ළමා මෙහෙකරුවන් සොයා කොළඹ මහමන්දිර ඇතුළේ මහා මෙහෙයුමක්!

අඩු වයස් දරුවන් මෙහෙකාර සේවයට යොදවාගෙන තිබෙන නිවාස සොයා මෙහෙයුමක් අරඹා ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

කොළඹ, ඇතැම් ධනවත් මන්දිරවල සේවයට ළමා මෙහෙකරුවන් යොදවාගෙන සිටින බවට වාර්තා වීමත් සමග මෙම මෙහෙයුම දියත් කර ඇති බව එම අධිකාරිය පවසා ඇත.

ඉදිරි දින කිහිපයේ දී එවැනි නිවාස පරීක්ෂාවට ලක් කරන බවද, ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසා තිබේ.

එවැනි පරීක්ෂාකිරීම්වල දී ළමා මෙහෙකරුවන් සේවයේ යොදවාගෙන සිටින පුද්ගලයන් හමු වුවහොත් ඔවුන් අත් අඩංගුවට ගන්නා බවද ඔහු පවසයි.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad