නිදහසින් පසු රටේ අඩුම ඩොලර් සංචිතය අනිද්දාට වාර්තා වීමට නියමිතයි - මංගල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 25, 2021

නිදහසින් පසු රටේ අඩුම ඩොලර් සංචිතය අනිද්දාට වාර්තා වීමට නියමිතයි - මංගල

මහ බැංකුව ඉතිහාසයේ විශාලම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූවේ පසුගිය වසර තුළ බවත් නිදහසින් පසු රටේ අඩුම ඩොලර් සංචිතය අනිද්දාට වාර්තා වීමට නියමිත බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ‘සැබෑ දේශප්‍රේමියා’ සංවිධානය කොළඹදී අද (25) පැවැතිවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් මුදල් අමාත්‍යවරයා ලෙස 2019 නොවැම්බර් මස 18 වැනිදා බාරදෙන විට මහ බැංකුවේ විදේශ සංචිතය ලෙස ඩොලර් බිලියන 7.6 ක් තිබූ නමුත් හෙට ඩොලර් බිලියනයක ණයක් ගෙවීමෙන් පසු ඒ ප්‍රමාණය ඩොලර් බිලියන 2.6 ක් දක්වා අඩු වන බව හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

පසුගිය වසර ඇතුළතදී ජාතික ආදායම ඩොලර් බිලියන 600 කින් පමණ අඩු වූ බව කී ඔහු රට වටහාගත නොහැකි බිහිසුණු ආර්ථික අගාධයකට ඇදවැටෙන අයුරු පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad