බදියුදීන්ගේ නිවසේ මිය ගිය ඉෂාලිනිට සාධාරණයක් කරන හැටි පියල් කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 25, 2021

බදියුදීන්ගේ නිවසේ මිය ගිය ඉෂාලිනිට සාධාරණයක් කරන හැටි පියල් කියයි..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ජේ.ඉෂාලිනිට සාධාරණය ඉටු කිරිමට වත්මන් රජය සහ තම අමාත්‍යංශය කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසිය.

පියල් නිශාන්ත මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ සහන් එළිය නමින් දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහ ළමුන් උදෙසා වන ප්‍රවේශය යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයට එක් වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි සිදුවිම් ඉදිරියේදි සිදු නොවිමට ඉෂාලිනිගේ මරණය හරහා තම අමාත්‍යංශය උපරිම අයුරින් කටයුතු කරන බවයි.

ළමා සහ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔහුන්ව ආරක්ෂා කර ගැනිමට අනෙකුත් සියළු දෙනාගේ සහයෝගය ලැබිය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම අවස්තාවට වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක , රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් ,නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ යන මහතුන් සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad