අත්අඩංගුවට ගැණුනු උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

අත්අඩංගුවට ගැණුනු උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ !

අත්අඩංගුවට ගැණුනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රංගන ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඉදිරියේදී ඇයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන බවයි කටුගස්තොට පොලීසිය පැවසුවේ.

නුගවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී රිය අනතුරක් සිදුකිරීමට අදාළව උපේක්‍ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට ගැණුනා.

ඇය ධාවනය කළ මෝටර් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණා.


No comments:

Post a Comment

Post Bottom Ad