රන්ජන් හිටපු තැන මනූෂ රන්ජන්ටම ලියා දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

රන්ජන් හිටපු තැන මනූෂ රන්ජන්ටම ලියා දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට හිමිව තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී නිවස ඔහු නියෝජනය කරනු ලබන සමගී ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට හිමිව ඇත. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් හිමිවූ රන්ජන් රාමණායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වූ අතර, එම හේතුවෙන් ඔහුට මන්ත්‍රී නිල නිවාසය යළි භාරදෙන ලෙස දැනුම් දෙනු ලැබ තිබිණ.

එම මන්ත්‍රි නිල නිවාසය භාර ගනු ලැබූ මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයා කියා සිටියේ අදාළ නිවසේ සිට හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සිය කටයුතු පවත්වා ගෙන යෑමට අවසරය ලබා දෙන බවයි.

එමෙන්ම තමන් මන්ත්‍රී ධුරය දරන තෙක් රන්ජන් රාමණායකට එම නිවසේ සිය අමුත්තෙක් ලෙස සිටිය හැකි බවද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad