විදුලියේත් අර්බුදයක්.. රටම අදුරට යයිලු.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

විදුලියේත් අර්බුදයක්.. රටම අදුරට යයිලු..

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් ඉදිරිපත් කරන ලද විදුලි ජනන සැලසුම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉදිරියේ දී රට අඳුරු අගාධයකට වැටිමේ ඉහළ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කියා සිටියේ.

ගල් ඉඟුරු මාෆියාව යනුවෙන් ව්‍යාජ බිල්ලන් මවා ගල් අඟුරු බලාගාර ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අනාගතයේ දී රටේ දැඩි විදුලි අර්බුදයක් හට ගැනීමට ඉඩ තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

තම සංගමයේ ඉංජිනේරුවන් එදා සිට මේ දක්වාම පෙන්වා දුන්නේ අඩු වියදමින් විදුලි උත්පාදන ක්‍රමයක් වන ගල් අඟුරු බලාගාර අවශ්‍යතාවය බව ද සංගමය පෙන්වා දෙයි.

නමුත් සූර්ය බල පැනල කර්මාන්තකරුවන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයන් ලාභ ලැබීමේ අරමුණින් වැරදි චිත්‍රයක් මවා ඇති බවද සංගමයේ විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා සඳහන් කළේය.

විදුල බල මණ්ඩලයේ දිගු කාලීන සැලැස්ම තුළ ගල් අඟුරු බලාගාරයෙන් මෙන්ම ස්වාභාවික වායු, සූර්ය සහ සුළං බලය වැනි සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන්ගෙන්ද වැඩි වශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad