කාබනික පොහොර කියා පැයෙන් දෙකෙන් බොරලු, පස් අඹරා විකුණති.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, July 24, 2021

කාබනික පොහොර කියා පැයෙන් දෙකෙන් බොරලු, පස් අඹරා විකුණති..

කාබනික පොහොර යයි කියමින් බොරළු අඹරා වෙළඳපලට නිකුත් කරන ජාවාරමක් ක්‍රියාත්මක වලින් වෙමින් පවතින බව ගිරිබාව හා සියඹලාණ්ඩුව ප්‍රදේශවාසීන් කියා සිටිති.
මෙම ජාවාරම කලක් තිස්සේ සිදු වූ දෙයක් වුවත් පවසන ඔවුන් මෑතක සිට කාබනික පොහොර වලට ඉල්ලුම වැඩි වීම හේතුවෙන් ප‍්‍රමිතිය ගැන විමසිමත් වීමේදී මෙය බව හෙළිවූ බව ද ශවුන් පවසති.

ගව ගාල් වලට පස් බැකෝ මගින් හාරා ගන්නා බවත් වැව් තාවුලු හාර එම පස් ද අඹරා දමා ඒවා කාබනික පොහොර යයි අැසුරුම් කර වෙළඳ පලට නිකුත් කරන බවත් ඔවුන් කියා සඳහන් කරති.

සාමාන්‍යයෙන් කාබනික පොහොර නිෂ්පාදනය වීමට මාස තුනක්වත් පදම් විය යුතු නමුත් දැන් සිදුවන්නේ පැයෙන් දෙකෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමක් බවට ද ඔවුන් චෝදනා කරති.

පුත්තලම ප්‍රදේශයේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක අලුත් පවා කලවම් කරමින් මෙම පොහොර නිෂ්පාදනය කරන බවද ගම්වැසියන් සදහන්කරති.

එනිසා මෙම තත්ත්වය පාලනයට වහා මැදිහත්වන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

organic fertilizer in sri lanka

No comments:

Post a Comment

Post Bottom Ad