කොළඹ මහාධිකරණය නිශ්ශංක සේනාධිපති අල්ලස් චෝදනාවෙන් නිදහස් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

කොළඹ මහාධිකරණය නිශ්ශංක සේනාධිපති අල්ලස් චෝදනාවෙන් නිදහස් කරයි

කොළඹ මහාධිකරණය ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු අල්ලස් නඩුවකින් මුදා හැර තිබෙනවා.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර තිබේ.

එම අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් මීට පෙර මූලික විරෝධතාවක් මතුකළ ද එම විවෘක විරෝධතාවය මහාධිකරණ විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කළ බව පැවසීය.

ඉන්පසුව එම තීරණයට එරෙහිව තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත්කළ බවත් එම ප්‍රතිශෝධන  පෙත්සම ඉකුත්  15 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දුන් බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම කොන්දේසියට යටත්ව තම සේවාදායකයා අභියාචනාධිකරණය හමුවේ පැවති ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගත් බව නීතිඥ අජිත් පතිරණ මහතා පැවසීය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ජයරත්න මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට නැවත නඩු පැවරීමේ අයිතිය රඳවාගනිමින් එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් තමන්ට උපදෙස් ලැබී ඇතැයි සඳහන් කළාය.


No comments:

Post a Comment

Post Bottom Ad