අලුතෙන් ගහපු ගැසට් එකෙන් තලංගම තෙත්බිම යට කරන් කණු උඩින් හයිවේ එක යයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 25, 2021

අලුතෙන් ගහපු ගැසට් එකෙන් තලංගම තෙත්බිම යට කරන් කණු උඩින් හයිවේ එක යයි!

පෑලියගොඩ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මත ඉදිවන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට ඉඩ දීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් තලංගම තෙත් බිම් ප්‍රදේශය යළි ගැසට් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව තලංගම තෙත් බිම් ප්‍රදේශය තුළ අධිවේගයට යටවන කිලෝමීටර් 3ක පමණ වන ප්‍රදේශය ඉවත් කොට ජුනි 19 වැනිදා 223/07 දරණ නව ගැසට් නිවේදනය නිකුත් කොට ඇති බව සතිඅන්ත මාධ්‍ය වාර්තා කොට තිබේ.

මෙම කණු උඩින් දිවෙන අධිවේගී මාර්ගය චීන චෙක් සමාගම විසින් ඉදිකිරීම ආරම්භ කොට තිබේ.

මේ වනවිට ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් මෙම මාර්ගයට විරෝධය පළ කරමින් නඩුකරයක්ද ගොනු කර ඇති අතර අභියාචනාධකරණය මගින් එය ලබන සැප්තැම්බරය දක්වා කල් දමා ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2007 වර්ෂයේදී මෙම ප්‍රදේශය තෙත්බිමක් ලෙස ගැසට් කර තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad