ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු ගේ නිවසේ ලිදකින් මතුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු ගේ නිවසේ ලිදකින් මතුවෙයි


ලොව මෙතෙක් හමුවූ විශාලතම ‘තරු නිල් මැණික’ ශ‍්‍රී ලංකාවෙන් හමුවි ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයෙකු ගේ නිවස පිහිටි ගෙවත්තේ කම්කරුවන් පිරිසක් විසින් ලිඳක් හාරමින් සිටියදී මෙම මැණික් පොකුර සොයා ගෙන ඇත.
කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.
ජාතික ස්වර්ණාභරණ සහ මැණික් අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී මෙය කුරුවින්ද කුලයට අයත් ආරුනුල් මැණික් පොකුරක් ලෙසට හඳුනා ගත් බවයි.

විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බවයි සැලකෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad