ඉන්දියානු ක්‍රීඩකයෙකුට කොරෝනා - ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි 20/20 තරගය කල්දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

ඉන්දියානු ක්‍රීඩකයෙකුට කොරෝනා - ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි 20/20 තරගය කල්දමයි

පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කුනාල් පාන්ඩ්යා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉන්දියාවේ ANI ප්‍රවෘත්ති සේවය වාර්තාකරන පරිදි කුනාල් පාන්ඩ්යා පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එම වාර්තා ලැබෙන තුරු ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත. 

මේ හේතුවෙන් අද දිනයේදී පැවත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති අතර සෙසු ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad