ගල් ගසා මරන අරාබි නීති ලංකාවට ගෙන ආ යුතුයි - වඩිවේල් සුරේෂ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

ගල් ගසා මරන අරාබි නීති ලංකාවට ගෙන ආ යුතුයි - වඩිවේල් සුරේෂ්

දැරියන් දූෂණය කරන සල්ලාලයන්ට සෞදි අරාබිය ලබාදෙන දඬුවම් දීමට පාර්ලිමේන්තුවට නීති ගෙන ආ යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කරයි.

එම වරද සම්බන්ධයෙන් වරදකරුවන් වන අයට සෞදි අරාබියේ මෙන් ගල් ගසා මරා දැමිය යුතු බවත් ඔහු පැවසීය.

රිසාඩ් බදියුදීන් මහතාගේ නිවසේ බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව මිය යාම මුළු රටටම මෙන්ම ජාතියටත් ලැජ්ජාවට පත් යුතු කාරණාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සිදුවීම පළමුවන සිදුවීම නොවන බවත් මීට විරුද්ධ වූ වතුකරයේ ජනතාව කොළඹට රැුගෙන විත් විරෝධතා කැඳවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad