දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ - දැරියගේ මව - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

දියණියගේ මරණ පරීක්‍ෂණය කලේ මුස්ලිම් දොස්තර කෙනෙක්.. පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්.. ඒ කිසිවක් පිලිගන්න බෑ - දැරියගේ මව

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ දී ගිනි ඇවිලීමකින් මරණයට පත් තම දියණියගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත්තේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු,  බොරැල්ල පොලිසියේදී අදාල පැමිණිල්ල ලිවුවේ මුස්ලිම් පොලිස් නිලධාරියෙක්ද නිසා එම වාර්තා පිළිගත නොහැකි බව මියගිය දැරියගේ මව සඳහන් කරයි.

කතා කිරීමට තබා ඇස් ඇරීමට වත් නොහැකිව ඉතා අසාධ්‍යව සිටි තම දියණිය තමන් විසින්ම ගිනිතබාගෙන දිවි නසා ගැනීමට කටයුතු කළේ යැයි සාක්ෂි දීම පිළිගත නොහැකි බවද ඇය පවසයි.

එනිසා තම දියණිය සියදිවි නසා ගැනීමක් හෝ සිරුරට ගිනි තබා ගැනීමක් කලේ යයි පිළිගත නොහැකි බවද පැවසූ ඇය අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දී යුක්තිය ඉටු කළ යුතු බවද කියා සිටී.

තම දියණියගේ සිරුර නැවත ගොඩගෙන මරණ පරීක්ෂණයක් නැවත වතාවක් සිදු කළ යුතු බවද සඳහන් කළ ඇය තම දියණියට සාධාරණයක් ලැබෙන තෙක් ඉදිරියට යන බව දියණියගේ මෘත ශරීරයට අත තබා දිවුරු බව ද සඳහන් කළාය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ ඇය මෙම අදහස් පළ කළා ය.


No comments:

Post a Comment

Post Bottom Ad