බදියුදීන්ගේ නිවසේ මිය ගිය දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක් - (photos) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 27, 2021

බදියුදීන්ගේ නිවසේ මිය ගිය දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක් - (photos)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඩයගම පදිංචිව සිටි අවු 16 හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට (26) දින සිට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි දැරියගේ මෘත දේහය යලිත් ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයක් සමග ජේ.ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්ත පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මෘත දේහය ගොඩ ගැනිමේ කටයුතු (27) දිනයේ සිදු කිරිමට නියමිත අතර, ඩයගම ප්‍රදේශයේම පදිංචි තරුණියන්  කිහිප දෙනෙකු රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තැරුව්කරුවන් විසින් කොළඹ කොට්ඨාශ ළමා සහ කාන්තා කාර්යංශය පොලිස් නිලධාරින් පිරිසක් (27) දින ඩයගම ප්‍රදේශයට පැමිණ එම පිරිසගෙන් ප්‍රකාශ ලබා ගැනිම සිදු කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad