ඩොලර් හිගයක් නැතැයි බැසිල් කිවුවා.. ඩොලර් ගැන දන්නෙ ඔහුයි.. හිගයක් මවන්නේ වෙලෙනේදන් - SM චන්ද්‍රසේන - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

ඩොලර් හිගයක් නැතැයි බැසිල් කිවුවා.. ඩොලර් ගැන දන්නෙ ඔහුයි.. හිගයක් මවන්නේ වෙලෙනේදන් - SM චන්ද්‍රසේන

මෙරට තුළ ඩොලර් හිඟතාවයක් නැති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පැවසූ බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

රට තුළ ඩොලර් හිගයක් මවා පෑමට උත්සාහ කරන්නේ ඩොලර් වෙළෙන්දන් විසින් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩොලර් ගැන දන්නේ මුදල් අමාත්‍යවරයා බවත් විපක්ෂයේ අය ගැන නොදන්නා බවත් පැවැසූ ඇමැතිවරයා වෙළෙන්දන් තමන්ගේ ඩොලර් වැඩියෙන් විකුණා ගැනීම සඳහා හිඟයක් මවා පාන බව ද පැවසීය.

ඩොලර් පිළිබඳව තමන් බලා ගන්නා බවත් ඒ ගැන කිසිවකු කලබල වීම අවශ්‍ය නැති බවත් මුදල් අමාත්‍යවරයා පැවසූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad