මම බැසිල් එක්ක ළඟින්ම වැඩ! IMF වැඩක් නෑ! ජනපති ලේකම්ගෙන් ප්‍රකාශයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

මම බැසිල් එක්ක ළඟින්ම වැඩ! IMF වැඩක් නෑ! ජනපති ලේකම්ගෙන් ප්‍රකාශයක්!

අපේ රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහභාගිත්වය අවශ්‍යද නැද්ද යන්න මේ වෙලාවේදී වැදගත් වන්නේ නැති බවත් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කිරීමට හෝ අඩපණ වූ අපනයන කර්මාන්තය නගා සිටුවීමට එම සංවිධානයට බැරි බවත් ජයසුන්දර මහතා කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීමෙන් ක්ෂණික ආර්ථික වර්ධනයක් වීම ඉදිරි මාස හයේදී සිදුවන්නේ නම් සහ සංචාරක ව්‍යාපාරය වහා වර්ධනය වී ඩොලර් බිලියන දෙකක ආදායමක් ගලා එන්නේ නම් එසේ මුදල් ලබා ගැනීම වරදක් නොවන බව ජයසුන්දර මහතා පවසයි.

එහෙත් මුදල් ණයට ගැනීමේ වැඩපිළිවෙළ තුළ ඒ ආකාරයේ ආර්ථික විසඳුම් ලැබෙන වැඩපිළිවෙළක් නැති බවද ඔහු කියයි.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම අර්ථ ශාස්ත්‍රඥයකු සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන පී. බී. ජයසුන්දර මහතා තව දුරටත් සඳහන් කළේ නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සමග තමා ඉතා කිට්ටුවෙන් කටයුතු කරන බවය.


No comments:

Post a Comment

Post Bottom Ad