චම්පික කොටුකර ගැනීම සඳහා මීළඟට අල්ලස් කොමිසම හරහා විමර්ශනයක්... - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

චම්පික කොටුකර ගැනීම සඳහා මීළඟට අල්ලස් කොමිසම හරහා විමර්ශනයක්...

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔස්සේ ද විමර්ශනයක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි. 

මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ඔස්සේ මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් ඒ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකළ අතර ඒ මහතාව කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමක් ද පසුගියදා සිදුකෙරිණි. 
එහෙත් ඒ ඔස්සේ චම්පික රණවක මහතාව කොටුකර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොලැබුණු බැවින් මෙසේ අල්ලස් කොමිසම හරහා වෙනත් දැළක් එළීමට බලධාරීන් සූදානම් වන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 
-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad