මහින්ද-බැසිල් සරත්ගේ-ජගත්‌ගේ කට වහයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 24, 2021

මහින්ද-බැසිල් සරත්ගේ-ජගත්‌ගේ කට වහයි!

දේශපාලන පොර පිටියේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා අතර ගැටුම මේ වන විට සමථයකට පත් වී තිබෙන බව වාර්තා වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනා සමග සාකච්ඡා කිරීමත්, ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් ඊට මැදිහත්වීමත් මත ඔවුන් දෙදෙනා සමථයකට පත් වී ඇතැයි දැනගන්නට තිබේ.

එ අනුව ඔවුන් දෙදෙනා මින් ඉදිරියට මාධ්‍ය හමු පවත්වා, එකිනෙකා විවේචනය කර නොගැනීමට ද එකගතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කිරීම මුල් කරගනිමින් සරත් වීරසේකර, ගාමිණි ලොකුගේ සහ ජගත් කුමාර යන තිදෙනා අතර මෙම ගැටුම ආරම්භ වී තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad