හොරකම් ගැන කියන්න පාරිභෝගික අධිකාරියේ හිටපු ලොක්කා ජනපති එනකම් මග බලා සිටී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 24, 2021

හොරකම් ගැන කියන්න පාරිභෝගික අධිකාරියේ හිටපු ලොක්කා ජනපති එනකම් මග බලා සිටී!

ජනාධිපතිවරයා අද හෙටම මුණ ගැසී සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.

ඒ සඳහා සියලු ලියකියවිලි සූදානම් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව එම දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතවද කරුණු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව පැවසූ ගුණවර්ධන මහතා මෙයට අදාළ සියලු කටයුතු ඉන් අනතුරුව අවසන් කරන බවද පැවැසුවේය.

එම දූෂණ,වංචා,අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉන්පසු බලධාරීන්ට අයිති රාජකාරියක් බවද ඔහු පැවැසීය.

මෙයට පෙර තමා ගෑස් ප්‍රශ්නය පිළිබඳව නීතිපතිවරයා හමුවී කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාවේදීද තමාට බලධාරීන්ගෙන් විරෝධතා එල්ලවූ බවත් හෙතෙම සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad