ඕනෑම මිනිහෙකුට ජනාධිපති උනාම අපෙන් වැඩක් නෑ...ලොකු මානසික කලකිරීමක් තියනවා - හරීන් ප්‍රනාන්දු - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 25, 2021

ඕනෑම මිනිහෙකුට ජනාධිපති උනාම අපෙන් වැඩක් නෑ...ලොකු මානසික කලකිරීමක් තියනවා - හරීන් ප්‍රනාන්දු

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනවල දැමීමේ බයිලයට තවත් මේ රටේ ජනතාව රැවටිය නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි. සිය පක්ෂය වුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ යැයි පවසමින් තවත් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තමා විරුද්ධ බව ඔහු අවධාරණය කරයි.

ජනාධිපති පුටුවට පැමිණි පසු කිසිවෙකු එය අතහැරීමට කැමැති නැති බව හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

එහෙයින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ කටයුත්ත කළ යුත්තේ එම ධූරයට පත්වීමට පෙර බවත් ධූරයට පත් වූ පසු කිසිවෙකුට තමන්ගෙන් වැඩක් නොමැති බවත් හරීන් ප්‍රනාන්දු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad