නිරූපමා අපේ නොවේ! පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 6, 2021

නිරූපමා අපේ නොවේ! පැනඩෝරා තොප්පිය රාජපක්‍ෂවරුන්ට දාන්න එපා!

නිරූපමා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

එනිසා පැනඩෝරා ගැටළුවේ තොප්පිය රාජපක්ෂවරුන්ට නොදමන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

පැනඩෝරා ප්‍රශ්නය රාජපක්ෂවරුන් පැත්තට හැරවීමේ උත්සාහයක් තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ සිදුකිරීමට රජය පිරිසිදුව සූදානමින් සිටින බවද කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad