සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා - ඇමති බන්දුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 5, 2021

සතොස සුදුළුණු වංචාවක් වූ බව අවංකවම පිලිගන්නවා - ඇමති බන්දුල

සුදුළූණු වංචාවක් සතොස ආයතනයේ සිදු වූ බව අවංකවම පිළිගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම ආයතනයේ වංචාවක් සිදු වූ පළමු හෝ අවසන් අවස්ථාව එය නොවන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

අදාල ගනුදෙනුවේදී ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව මිල ගණන් අයථා ලෙස ලබාගෙන ඇතැයි ද පැවසූ ඔහු එම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

එම මිලදී ගැනීම් සිදු වී ඇත්තේ ද ශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව බවද පැවසූ අමාත්‍යවරයා නමුත් සභාපති වරයා සහ විධායක නිළධාරීවරයා මෙම කටයුතු සඳහා ගොස් නැති බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad