ෂාෆ්ටර්ගේ මරණයේ රහස තව සුමාන 2කින් එළියට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 28, 2023

ෂාෆ්ටර්ගේ මරණයේ රහස තව සුමාන 2කින් එළියට!

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරි සති දෙක තුළදී මාධ්‍ය ඇතුළු සියලු දෙනාට දැනුම් දෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණ බොහෝ ප්‍රමාණයක් මේ වන විට අවසන් බවත් මිනී මැරුමක්ද සියදිවි නසාගැනීමක්ද යන්න මේ අවස්ථාවේ කිව නොහැකි බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad