ඉංග‍්‍රිසි බෑ කියා විපක්‍ෂය පාර්ලිමේන්තුවේ IMF විවාදය වර්ජනය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 21, 2023

ඉංග‍්‍රිසි බෑ කියා විපක්‍ෂය පාර්ලිමේන්තුවේ IMF විවාදය වර්ජනය කරයි

රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් කර ඇති ගිවිසුම සම්බන්ධයෙන් පැවැත්වෙන තුන්දින විවාදයට විපක්ෂයේ පක්ෂ සහභාගී නොවන තත්ත්වයක් උද්ගතව තිබේ.

මීට හේතු වී ඇත්තේ එම ගිවිසුමේ සිංහල හා දෙමළ භාෂා පරිවර්තන විපක්ෂයෙන් ඉල්ලා සිටීමයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවාදය පාර්ලිමේන්තුවේදී 26 27 28 යන දිනවල පැවැත්වෙන අතර එම ගිවිසුමේ ඉංග්‍රීසි පිටපත පමණක් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
 
අදාළ ගිවිසුම අත්සන් කර ඇත්තේ ද ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.

නමුත් විපක්ෂය භාෂා ප්‍රශ්නයක් මුල්කරගනිමින් මේ උත්සාහ කරන්නේ එම විවාදයෙන් පැන යාමට බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ විවාදය පැවැත්වීම සඳහා සිංහල හා දෙමළ භාෂාවලින් එම පිටපත් අත්‍යවශ්‍ය වන බවයි.

lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad