වහාම එකතු වෙන්න! වෘත්තිකයන් විපක්ෂයේ සියලුම නායකයන්ට ලියුමක් ලියයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 27, 2023

වහාම එකතු වෙන්න! වෘත්තිකයන් විපක්ෂයේ සියලුම නායකයන්ට ලියුමක් ලියයි!

ජනතාවගේ ඡන්ද අයිතිය දිනාගැනීම වෙනුවෙන් සිදුකරන සටනේදී පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම ඒකාබද්ධ විය යුතු බව සඳහන් කරමින් මෙරට වෘත්තිකයන් විසින් සියලු පක්ෂ නායකවරුන්ට ලිපියක් යොමුකිරීමට තීරණය කොට ඇත.

ලබන සතියේදී මෙම ලිපිය සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත ලබාදීමට එම වෘත්තිකයන්ගේ එකමුතුව සැලසුම් කොට තිබේ.
 
ඒ අනුව අදාළ ලිපිය විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ආර්. සම්බන්දන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් ඇතුළු සියලු පක්ෂ නායකයන් වෙත ලබාදීමට තීන්දු කොට ඇත.
 
එම ලිපිය මගින් සියලු දෙනාම මැතිවරණ වෙනුවෙන් ගෙන යන සටනේදී ඒකාබද්ධව සටන් කළයුතු බව පෙන්වා දීමට සැලසුම් කොට ඇති මෙම වෘත්තිකයන්, ඊට එකඟතාව පළ නොකරන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන පක්ෂ නම් වශයෙන්ම රටට හෙළිදරව් කිරීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad