ජනාධිපතිවරණයක් නෑ! ඉස්සෙල්ලාම එන්නේ පළාත් සභා මැතිවරණය! වහාම සූදානම් වෙන්න! බැසිල්ගෙන් පොහොට්ටුවට විශේෂ දැනුම්දීමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 9, 2023

ජනාධිපතිවරණයක් නෑ! ඉස්සෙල්ලාම එන්නේ පළාත් සභා මැතිවරණය! වහාම සූදානම් වෙන්න! බැසිල්ගෙන් පොහොට්ටුවට විශේෂ දැනුම්දීමක්!

හදිසි ජනාධිපතිවරණයක් නොව මුලින්ම පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් සභා මැතිවරණය බව පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කොට තිබේ. 
ඊයේ  (09) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පොහොට්ටුවේ සමස්ත ලංකා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර ඇත.

ඒ අනුව වහාම ඊට සැලසුම්සහගතව සූදානම් වන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව පැවසේ.

ඉන්දීය බලපෑම මත ජනාධිපතිවරයා මෙසේ පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බවද එහිදී බැසිල් රාජපක්ෂ මහතා විසින් සදහන් කර ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad