සදුදා රැස්වීමට පොහොට්ටු මන්ත්‍රීවරු ගෙන්නගන්න පක්ෂය දැනුවත් කරන්නැයි නාමල් ජනාධිපති කාර්‍යාලයට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 9, 2023

සදුදා රැස්වීමට පොහොට්ටු මන්ත්‍රීවරු ගෙන්නගන්න පක්ෂය දැනුවත් කරන්නැයි නාමල් ජනාධිපති කාර්‍යාලයට කියයි

සදුදා (12) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙහිදී මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීම සදහා ජනාධිපති කාර්‍යාලයේ ජේශ්ඨයෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතා කර ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ කැබිනට් හා රාජ්‍ය මතිවරුන් ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයාට හැකි බවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් ජේශ්ඨයින් හා දිස්ත්‍රික් නායකයින් ගෙන්වනවානම් පක්ෂයෙන් අවසර ගෙන පක්ෂය හරහා පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දන්වන ලෙසය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු සන්ධානයක් බවත් දේශපාලන කාරණා පිලිබදව කතා කරන්නේ නම් පක්ෂ නායකයින් මුලින් දනුවත් කල යුතු බවද මෙහිදී නාමල් රාජපක්ෂ දන්වා ඇත.

ඒ අනුව ජනාධිපති කාර්‍යාලයේ ජේශ්ඨයා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් හෙට රැස්වීම පිලිබදව දැනුම් දී ඇත.

– Repoter


No comments:

Post a Comment

Post Bottom Ad