ඇමතිකම් දිය යුතු පොහොට්ටු ප්‍රභලයින් ගැන මහින්ද කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 2, 2023

ඇමතිකම් දිය යුතු පොහොට්ටු ප්‍රභලයින් ගැන මහින්ද කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර දිස්ත්‍රික්කවල ප්‍රථමයන් වූ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමති ධූර ලබා දීමට හැකි නම් එය හොඳ කටයුත්තක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

මාධ්‍ය නාළිකා සඳහා නියාමන ගෙන ඒමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කිරීමට මාධ්‍ය නාළිකා වගබලා ගත යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

තම පක්ෂය සමග පාක්ෂිකයන් තවමත් සිටින බව ද ඉදිරියේදී රටේ ආර්ථිකය ශක්තිමත් වනු ඇති බව ද හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.




No comments:

Post a Comment

Post Bottom Ad