පහටට බහතරය රනල ලගට යය... බසල බලය තන ඉලකකමට බහ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 13, 2023

පහටට බහතරය රනල ලගට යය... බසල බලය තන ඉලකකමට බහ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි පසුගිය 12 වැනිදා ජනාධිපති කාර්යාලයට කැඳවා තිබූ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට සහභාගි නොවූයේ සුළු පිරිසක් බව වාර්තා වෙයි. ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගි නොවුණ ද වැඩි පිරිසක් එම හමුව සඳහා සහභාගි වී සිටි බවයි.

වර්තමාන දේශපාලන වාතාවරණය හා ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි.

ආණ්ඩුවේ සිටින දේශපාලන පක්ෂ වල මන්ත්‍රීවරුන්ට මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබූ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා සහභාගි වී නැත.

ඔවුන් දන්වා තිබුණේ පක්ෂයක් ලෙස පක්ෂ මට්ටමින් සාකච්ඡා ආරාධනා කළහොත් සාකච්ඡා සඳහා සහභාගී වන බවයි.

ගාමිණී ලොකුගේ, එස් එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, විමලවිර දිසානායක, නාමල් රාජපක්ෂ, රෝහිත අභයගුණවර්ධන, සාගර කාරියවසම්, යන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම රැස්වීම සඳහා සහභාගිවී නැත.

මෙම හමුවට සහභාගී නොවූ අයෙගෙන් වැඩි කලක් තිස්සේ අමාත්‍ය ධූර ඉල්ලමින් සිටින අතර එය ලබා නොදීම මත යම් නොසතුටකින් පසුවෙයි.

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දරන පිරිස් මෙන්ම තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ සඳහා සහභාගි වී තිබිණි.

කෙසේ වෙතත් අද දිනයේදීද ජනාධිපති කාර්යාලයේ ආණ්ඩුවේ පක්ෂ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඊට සහභාගී වන පෙස සියලුම පක්ෂවලට නිල වශයෙන් ආරාධනා කිරීමට සංවිධාකයන් කටයුතු කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad