අභිරහස් ලෙස මිය ගිය කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් සහ සිසුවියන්ට අතවර කල ටියුෂන් ගුරාත් අද අධිකරණයට! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 9, 2023

අභිරහස් ලෙස මිය ගිය කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් සහ සිසුවියන්ට අතවර කල ටියුෂන් ගුරාත් අද අධිකරණයට! (VIDEO)

කළුතර නගරයේ  ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය මැයි  මස 26 වන දා වනදා නියෝග කල අතර එම සැකකරුවන් යලිත් අද අධිකරණයට රැගෙන ආවා.
 දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැක කරුවන්වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයා සහ  කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි  19 හැව්රිදි තරුණිය සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණයකු මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

දකුණු කළුතර, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ ඉකුත් 6 දා රාත්‍රි  වැටී මියගොස් සිටී සොයාගන්නා ලද කළුතර, නාගොඩ , 'සැනසුම' අංක 115 නිවසේ පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (09) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක මැදගම සහ පොලිස් පරීක්ෂක පොල්වත්ත ඇතුළු නිළධාරීන් අධිකරණයට කරුණු වාර්තා කරයි..

මේ අතර කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පුද්ගලයකු අධිකරණයට මැයි  26 වනදා ඉදිරිපත් කිරීමෙන් පසු   ලෙස  කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය  ජුනි මස 09 දක්වා එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ඔහුද අද අධිකරණයට ඉදිරිපත් කළා.

කළුතර උතුර,  සුභසාධක  මාවතේ  පදිංචි  විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැවිරිදි අයෙකු මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි .

කළුතර උතුර ප්‍රදේශයේ  උගන්වන උපකාරක පංතියක් පවත්වන , සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී අද දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබූණි.


No comments:

Post a Comment

Post Bottom Ad