තිලංගත් පන්නයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 10, 2023

තිලංගත් පන්නයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව දැනගන්නට ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් එහි හිටපු මහ ලේකම් මහින්ද අමරවීර මහතා විසින් දැනටමත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර වාරණ නියෝගයක් ද නිකුත් කර තිබේ.

තිලංග සුමතිපාල මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ආණ්ඩුවට සහයෝගය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද ඉල්ලා ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂ ගණනාවකින් සැදුම් ලත් එකක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයත් සමග සන්ධානයේ එකමුතුව සම්බන්ධයෙන් ප‍්‍රශ්ණකාරී වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad