මෙච්චර කල් නවත්වලා තිබ්බ වැඩක් ආපහු පටන් ගන්න වැඩබලන පොලිස්පති දේශබන්දු තීන්දු කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 10, 2023

මෙච්චර කල් නවත්වලා තිබ්බ වැඩක් ආපහු පටන් ගන්න වැඩබලන පොලිස්පති දේශබන්දු තීන්දු කරයි!

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඒ අනුව ලබන 15 වැනිදා සිට රජයේ නිවාඩු හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00 සිට මහජන සහන දිනය පැවැත්වෙන බවයි.

පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලදී අපේක්ෂිත සහනයක් නොලැබුණු හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් පිළිබඳව යුක්ති සහගත සහ සාධාරණ කරුණු සම්බන්ධයෙන් එහිදී පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම මහජන සහන දිනය තුළින් මහජනයාට ශ්‍රී ලංකා පොලිසිය තුළින් සිදුවිය යුතු සේවය ප්‍රමාදයකින් තොරව සාධාරණව ඉටුකර දීම එහි අපේක්ෂාව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

වැඩබලන පොලිස්පතිවරයාද සෑම සිකුරාදා දිනකම මහජන සහන දිනයට පැමිණීමට අපේක්ෂා කරන අතර සෘජුවම මහජනතාවගේ පැමිණිලි පිළිබඳව පිළිතුරු ලබාදීමද එහිදී සිදුකෙරෙනු ඇති. 

No comments:

Post a Comment

Post Bottom Ad