කතරගම දේවාලයේ මහ කපුවා අතුරුදන්? - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 12, 2023

කතරගම දේවාලයේ මහ කපුවා අතුරුදන්?

කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස සේවය කළ සොමිපාල ටී රත්නායක සහ එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ නිවෙස්වලට ගිය අවස්ථාවේ ඔවුන් සිය නිවෙස්වලින් පිටව ගොස් ඇති බව සඳහන් වෙනවා.

එම නිසා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිස් අතින් නැවත පැමිණීමට සිදුව තිබෙනව බව සඳහන්.

ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා කොළඹ බලා ගොස් ඇති බවත් යළි පැමිණීමෙන් අනතුරුව ඒ බව දැනුම්දෙන බවත් එම නිවෙස් හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමට පවසා තිබේ.

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට පූජා කර තිබූ පවුම් 38ක් බර රන් තැටියක් අස්ථානගත කිරීමේ සිදුවීමකට අදාළ ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කළා.


No comments:

Post a Comment

Post Bottom Ad