හර්ෂට ලොකු තනතුරක්... මීලග අයවැය ඉදිරිපත් කරන්නේ ඔහුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 13, 2023

හර්ෂට ලොකු තනතුරක්... මීලග අයවැය ඉදිරිපත් කරන්නේ ඔහුයි

2025 සඳහා වන මීළඟ අයවැය ‍ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ හර්ෂද සිල්වා මහතා විසින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යංශය වැය ශීර්ෂයේදීය.

ලබන අයවැයෙන් තම ප්‍රතිපත්ති රටට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසූ අවස්ථාවේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විමසා සිටියේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ කවුදැයි කියායි.

විපක්ෂ නායකවරයා ඊට ප්‍රතිචාරයක් දක්වමින් කියා සිටියේ ඊළඟ අයවැය ඉදිරිපත් කුරනු ලබන්නේ හර්ෂ ද සිල්වා මහතා විසින් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad