අපිට ගල් ගහන හැම කෙනා ගැනම අපි බලාගන්නවා… බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 15, 2023

අපිට ගල් ගහන හැම කෙනා ගැනම අපි බලාගන්නවා… බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක්!

ගල් ගසන්නට නොඑන ලෙසත් එසේ ගල් ගසන සියලු දෙනා සම්බන්ධවම බලා ගන්නා බවත් පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසීය. “ඒවට එනවා නම් අපි ඒවටත් ලෑස්තියි. පාරෙ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවාම ඌ බුර බුරා තවත් හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙකුට ගලක් ගැහුවොත් සිංහයා ආපස්ස හැරිලා කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමයි අපිත්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්. “

“අපිට ගහන්න එන්න එපා ගල්. අපිත් බලා ගන්නවා. “

ඔහු ඒ බව පැවසුවේ අද (15) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වූ පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අමතමිනි.

මෙම සම්මේලනයට අති දැවැන්ත ආරක්ෂාවක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත ලබා දී තිබිණි.  පෙනෙන ආකාරයට දැඩි ආයාසයකින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට පිරිස රැගෙන පැමිණි බව පෙනුනේ එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනයේත් පැවතියේ මෙවැනි උද්‍යෝග රහිත වටපිටාවක් බැවිනි.

එමෙන්ම මේ සමුළුව අමතමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ යළි පිහිටුවන පොදුජන පෙරමුණු ආණ්ඩුව මේ වැනි පාණ්ඩුවක් නොවන බවත් එය ජවසම්පන්න ආණ්ඩුවක් වනු ඇති බවත්ය.

ගම් දනව් සිසාරා ඕනෑම තැනක ගොස් උඩ බැලුවත්, බිම බැලුවත්, පොළොව යට බැලුවත් දකින්නට ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් කළ දේ බවත් එහි අයිතිය වෙන කිසිවෙකුට හෝ ලබා නොදෙන ලෙසත් බැසිල් රාජපක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ   විසින් ගොඩ නැගූවේ විනය ගරුක පක්ෂයක් බවත් පුලුවන් තරම් විනය ගරුකව හැසිරෙන ලෙසත්  පාක්ෂිකයන්ගෙන් ඉල්ලූ  බැසිල්  එය නිවටකමක්  ලෙස නොසලකන ලෙස අනෙක් පාර්ශවවලට දන්වා සිටියේය.

විවිධ තර්ජන මැද්දේ  අද කොළඹට පැමිණි ගම් දනව්වල කණ්ඩායම් ඉතාම ආරක්ෂිතව නිවෙස් බලා යැවීමට ආරක්ෂක අංශ සමග එක් වී කටයුතු සූදානම් කර ඇති බව ඔහු පැවසුවේය.

ගමට ගිය පසු කහ ඉරෙන් ඇර පාරවත් නොපනින ලෙස කී ජාතික සංවිධායකවරයා සමාජ මාධ්‍ය කරුවන් පොදු ජන පෙරමුණ වරදක් කරන තුරු බලාගෙන සිටින බව කීවේය.
මොන බාධක ආවත් පොදුජන පෙරමුණ ඊලඟ මැතිවරණය ජයගෙන  පෙනී සිටි සියලුම මැතිවරණ ජයගත් දේශපාලන පක්ෂය බවට පත්වන බව කී ඔහු ඊලඟට පිහිටුවන්නේ මේ පිහිටෙව්වාක් බඳු පාණ්ඩුවක් නොව පොදුජන පෙරමුණු  ආණ්ඩුවක් බව පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad