මං බැදපු පිරිත් නූල අනුර දිසානායක ගලවා විසි කලා.. ඔ්කුන් ඔහොම තමයි. මිත්‍යා දෘෂ්ටිකයෝ. ආගමක් දහමක් නෑ…- මිහින්තලා හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 14, 2023

මං බැදපු පිරිත් නූල අනුර දිසානායක ගලවා විසි කලා.. ඔ්කුන් ඔහොම තමයි. මිත්‍යා දෘෂ්ටිකයෝ. ආගමක් දහමක් නෑ…- මිහින්තලා හිමි

තමන් වහන්සේ විසින් ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතාගේ අතේ බඳින ලද පිරිත් නූල පන්සලෙන් එළියට බහින විටම ගලවා විසි කළ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

අනුර දිසානායක මහතා පක්ෂයේ නායකත්වයට පත්වූ දිනවල මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම වූ බවද උන්වහන්සේ කියා සිටිති.

ආවාසයෙන් එළියට බහින ගමන්ම පිරිත් නූල ගලවා විසි කරනු එහි සිටි පිරිස් දැක තමන් වහන්සේට දැනුම් දුන් බවද උන්වහන්සේ පැවසූහ.

‘ඔ්කුන්ගේ හැටි ඔහොම තමයි. ඔ්කුන් මිත්‍යා දෘෂ්ටිකයෝ. ඕකුන්ට අාගමක් දහමක් නෑ. එච්චර ගණන් ගන්න එපා’ යැයි තමන් වහන්සේ ඔවුන්ට පැවසු බවද එහිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad