ප්‍රතිදේහ එන්නත් ආනයනය: “සෞඛ්‍ය හිටපු ලේකම්ගේ ක්‍රියා කලාපය සැකයි” – මාලිගාකන්ද මහේස්ත්‍රාත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 13, 2023

ප්‍රතිදේහ එන්නත් ආනයනය: “සෞඛ්‍ය හිටපු ලේකම්ගේ ක්‍රියා කලාපය සැකයි” – මාලිගාකන්ද මහේස්ත්‍රාත්

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ ක්‍රියා කලාපය සැක සහිත බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊයේ (දෙසැ. 13) විවෘත අධිකරණයේදී පැවසුවා ය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරු වුව ද ඔවුන්ගේ තරාතිරම් නොබලා සියලුදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා ය.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොරව ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම හා රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ බව ප්‍රකාශ කළා ය.

සෞඛ්‍ය නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක හා ඖෂධ ගෙන්වූ සමාගමේ නිලධාරියකු වන අරුණ දීප්ති ඇතුළු පස්දෙනෙකු මෙම සිද්ධියේ සැකකරුවන් වන අතර ඔවුන් මෙම 27 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.


No comments:

Post a Comment

Post Bottom Ad