දරුවා වැල් පාලමෙන් එගොඩ කළාට කරේ තිබ්බ පංචායුධෙත් නැහැ, ඇඳන් හිටිය ඇඳුමත් නැහැ – අනුර දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 13, 2023

දරුවා වැල් පාලමෙන් එගොඩ කළාට කරේ තිබ්බ පංචායුධෙත් නැහැ, ඇඳන් හිටිය ඇඳුමත් නැහැ – අනුර දිසානායක

දරුවා වැල් පාලමෙන් එගොඩ කළා යැයි ජනාධිපිත රනිල් වික්‍රමසිංහ පැවසුවද දරුවා මේ වනවිට එම “දරුවාගේ කරේ තිබ්බ පංචායුධෙත් නැහැ, ඇඳන් හිටිය ඇඳුමත් නැහැ” යැයිද රට ගොඩ ගැනීමට නම් දේශපාලනයකින් තොරව වැරදි කළ සියලු පුද්ගලයින් ඉවත් කළ යුතු යැයිද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ  (13) පාර්ලිමේන්තුවේ පැවති මුදල් අමාත්‍යාංශ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

රට හුදෙක් දේශපාලන පරිවර්තනයකින් පමණක් ගොඩගැනීමට නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් ජාතිය අලුතෙන් අවදි කළ යුතු ඇති බවත් ඉන්දියාව, දකුණු කොරියාව ආදී රටවල් උදාහරණයට ගනිමින් ඔහු පැවසීය.

මෘදුකාංග වෙළඳපොළට බදු පැනවීම හරහා මෙරට ස්ථාපිත සමාගම් වෙනත් රටවලට යාමේ අනතුරක් මතු විය හැකි බවත් රජය බදු පනවා ඇති ආකාරයට ලංකාවේ සමාගමක් ලංකාව තුළ ඇති මෘදුකාංග සමාගමකින් මෘදුකාංගයක් මිලදී ගතහොත් වැට් බද්දට යටත් වන බවත් නමුත් එය විදෙස් සමාගමකින් මිලදී ගතහොත් වැට් බද්දෙන් නිදහස් වන බවත් ඔහු පෙන්වා දෙයි.

මෙරට ඇති මෘදුකාංග සමාගම් කිහිපයද රටින් ඉවත් කර ගැනීමට ආණ්ඩුව නීති සාදා ඇති බවත් එලෙස නීති සාදා දරුවා යාන්තමින් වැල් පාලමෙන් එගොඩ කළ බවට පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සඳහන් කළේය.

වැල්පාලමෙන් ගොඩ කළ බව කියන දරුවා එලෙස ගොඩකරද්දී ඔහු ඇඳ සිටි කලිසම හෝ සපත්තු හෝ පංචායුධයද නැතිවී ඇති බවත් රටට මේ අවස්ථාවේ සිදුව ඇත්තේද එවැනි ආකාරයේ දෙයක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.




No comments:

Post a Comment

Post Bottom Ad