නිල ඇදුම් ඇන්දා කියා වැරදිවලින් බේරෙන්නට බැරි බවත් එසේ වැරදි කල ඔ්නෑම හමුදා නිලධාරියෙකුට දඩුවම් දෙන්නට රාජ්‍ය නායකයින් කටයුතු කල යුතු බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජගත් ජයසුරියට දඩුවම් කරන්නට බැරි යයි කිසිවෙකු කියන්නේ නම් ඔහු සිදු කරන්නේ ගැලරිය පිනවීමට බවත් මේ රජයද ඔවුන් ආරක්‍ෂාක කරන්නේ නම් මේ රජයේ හා මහින්ද රාජපක්‍ෂගේ වෙනසක් නැති බවත් ඔහු කැලණියේදී කියා සිටියේය. ජගත් ජයසූරිය හෝ වෙනත් කිසිදු රණවිරුවෙකුට අත තබන්නට තමන් කිසිදා ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර පැය 24ක් යන්නට පෙර කරන ලද මෙම ප‍්‍රකාශය විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉලක්ක කර කරන ලද්දක් යයි හැගෙයි.
විමල් වීරවංශ හා ගොම්මන්පිල කියා හිගන්නන් දෙදෙනෙක් සිටින බවත් ඔවුන් කිසි දිනෙක රට වෙනුවෙන් උදැල්ලක් පොලවේ ගසා නැති බවත් කී ඇමතිවරයා ගෝල්ෆේස්හි සිටින බූරු පැටවු වාගේ තවත් එකෙන් බදුල්ලේ සිටින බවත් සදහන් කලේය.
Monday, September 4, 2017

Home
දේශපාලන
වීරවංශ, ගොම්මන්පිල හිගන්නන්.. බූරු පැටවු.. ෆොන්සේකා මේ දිගට හරහට බැණ වදින්නේ ජනාධිපතිටද..
වීරවංශ, ගොම්මන්පිල හිගන්නන්.. බූරු පැටවු.. ෆොන්සේකා මේ දිගට හරහට බැණ වදින්නේ ජනාධිපතිටද..
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment