බ්‍රසීලයේ වේල්ල කඩා වැටීමෙන් අතුරුදන් පිරිස 300 මරණ 60 - විගස පුවත් - Vigasapuwath

Monday, January 28, 2019

බ්‍රසීලයේ වේල්ල කඩා වැටීමෙන් අතුරුදන් පිරිස 300 මරණ 60


පසුගිය සිකුරාදා (25) බ්‍රසීලයේ ගිනිකොණදිග Brumadinho ප්‍රදේශයේ පිහිටි යකඩ පතල් ආශ්‍රිත වේල්ලක් කඩා වැටීම නිසා එම වැඩ පලේ සේවකයින් ඇතුළු 300 කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින අතර මරණ 60 ක්
වාර්තාවී තිබේ.
ලෝකයේ ප්‍රධාන පෙළේ යකඩ නිෂ්පාදන ආයතනයක පාලනය යටතේ පවතින කැනීම් සිදුකරන ස්ථානයක් වන මෙහි පැවති ආරක්ෂක විධිවිදාන නිසා අනතුරක් සිදුවීම ගැන බලධාරීන් විමතිය පළ කර තිබේ. වේල්ල මගින් කැනීම් සඳහා උපයෝගී කරගන්නා කොටස පාදා මඩ තට්ටු වෙන්කර තිබුණ අතර වේල්ල කඩා වැටුණ අවස්ථාවේ විශාල
වශයෙන් මඩ තට්ටු පහතට ඇදීයාම මගින් අවට සියල්ල යටකරන ලදි.
සිකුරාදා දහවල් යකඩ පතල් කම්කරුවන් දිවා ආහාරය ලබාගනිමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවද වාර්තා විය. ඉන් දිවි බේරාගත් කිසිවෙකු නැත.
අනතුර නිසා විශාල භූමිභාගයක් පුරා මඩ තැන්පත්වී ඇති අතර මළ සිරුරු සොයාගැනීම පවා දුෂ්කර වී තිබේ.








No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *